0

අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 210කගේ සියලු අරමුදල්, වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අක්‍රිය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින්.

2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව හෙවත්, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය හෙවත්, ලෝක දෙමළ සහන සාධක අරමුදල මෙලෙස අක්‍රිය කර තිබෙනවා.

එමෙන් ම මූලස්ථාන කණ්ඩායම හෙවත්, ජාතික තව්හිද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්, විලයාත් අස් සෙයිලානි, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය, දාරුල් අදර් අත්තබවියා, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ සේව් ද පර්ල්ස් යන සංවිධාන ද අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර අන්තවාදී ක්‍රියාවල නිරත වූ බව කියන රාමන් සින්නප්පා හෙවත් සින්නප්පා මාස්ටර්, කරුණා කුලරත්නම් හෙවත් නල්ලතම්බි, ‍දොරෙසාමී සෙල්වකුමාරු හෙවත් රාජු, එල්.ටී.ටී.ඊ. සාමාජික වේලුපිල්ලේ රේවදන්, රාමචන්ද්‍රන් අභිරාම් හෙවත් නිරෝෂන්, සන්මුග සුන්දරම් කන්දාස්කරන් හෙවත් කාන්තශේකරන්, කනගරාසා රවිසංකර් හෙවත් සංගිලි, කිෂ්ණපිල්ලයි සිවඥානම් ඇතුළු පිරිසකට ද මෙම තහනම පනවා තිබෙනවා.

සම්පූර්ණ ගැසට් පත්‍රය මෙතැනින්..

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version