Home Local News සජිත්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණ අරඹයි!

සජිත්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණ අරඹයි!

0

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මත් පිළිබඳව විමර්ශනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ආරම්භ කර තිබේ.


ඒ අනුව ඊට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නැයි එම කොමිසම විසින් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.


2017 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම්වල සහතික පිටපත්ද ලබාදෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.


එම කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version