Home Local News 119 අමතා බොරු කියූ අයෙක් වසර පහක් හිරේ..

119 අමතා බොරු කියූ අයෙක් වසර පහක් හිරේ..

0

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් මත්පැන් සාදයක් පවත්වන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදුන් සැකකරුවෙකුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවම් නියම කර එය වසර පහකට අත්හිටුවිමටත් , ඊට අමතරව රු දහසක දඩයක් සහ පොලිසිය විමර්ෂණය කල නිලධාරියාට රු දස දහසක මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා (03) දින නියෝග කලේය.

මහෙස්ත්‍රාත්වරයා මෙසේ දඩුවම් නියෝග කරනු ලැබුවේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පදිංචි ආසිරි අසේල කරුණාරත්න නැමති චුදිතටයි.

2023.11.06 දින චුදිත නිවසක පැවති උත්සවයකින් අනතුරුව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාගෙන ගිනිගත්හේන පොලිසිය තුල පොලිස් නිලධාරින් මත්පැන් සාදයක් පවත්වන බවට ලබාදුන් තොරතුරක් මත හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් මහතා ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ගොස් පරික්ෂා කර බලා එය අසත්‍ය පැමිණිල්ලක් බවට සනාථ කිරිමෙන් පසු එම අසත්‍ය තොරතුර ලබාදුන් සැකකරු සම්බන්ධයෙන් විමර්ෂණයක් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ගිනිගත්හේන පොලිසියට ලබාදුන් නියෝගයක් මත ගිනිගත්හේන පොලිසිය විසින් විමර්ෂණයක් සිදු කර සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 180 වගන්තිය යටතේ අසත්‍ය තොරතුරු ලබාදිම යන චෝදනාව යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවේ වරද පිලි ගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම දඩුවම ලබා දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කල ගිනිගත්හේන පොලිසියේ උප පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතාට එම රු දස දහසක මුදල චුදිත විසින් ලබාදුන් අතර , චුදිත ගිනිගත්හේන පොලිස් වසමේදි බිමත්ව රිය පැදවිමේ චෝදනාව යටතේ ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දඩුවම් ලැබු අයෙකු බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

චුදිතට දඩුවම් නියම කිරිමෙන් පසු විවෘත අධිකරණයේදි කරුණු දැක් වු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා කියා සිටියේ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය සිදු කල පොලිස් නිලධාරියා සාර්ථකව එම විමර්ෂණ කටයුත්ත සිදු කර ඇති බවයි.

– රංජිත් රාජපක්ෂ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version