Home Entertainment මුකේෂ් අම්බානිගෙන් බාල පුත්‍රයාට ඇදහිය නොහැකි මංගල තෑග්ගක්!

මුකේෂ් අම්බානිගෙන් බාල පුත්‍රයාට ඇදහිය නොහැකි මංගල තෑග්ගක්!

0

ලෝකයේම අවදානය දිනූ රජ මඟුලක් නුදුරේදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

ඒ අන් කාගෙවත් නෙවෙයි, ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගෙ. අනන්ට් – රාධිකා දෙන්නගෙ…

විවාහයට පෙර සිටම පුවත් මැවූ ඔවුන්ගේ pre-wedding celebration එක ගැන දැනටමත් ඔබ දන්නවනෙ.

ආරංචිවල හැටියට නම්, ඒ වගේ කිහිප ගුණයක් අනන්ට් – රාධිකා විවාහ මංගල්‍යය වෙනුවෙන් වැය වෙනු ඇති.

විවාහ උත්සවය කොහොම වේවිද කියලා කවුරුත් දෑස් දල්වා බලාගෙන ඉන්න අතරතුර පසුගියදා වාර්තා වුණා අම්බානි, බාල පුතුට දුන්නු කෝටි ගාණක තෑග්ගක් ගැන.

Monara

මේක සුපිරි විලා එකක් !!

මිලට අරන් තියෙන්නෙ ඩුබායිවලින්.

වාර්තා වන හැටියට ඩුබායිවල Palm Jumeirah හි ඩොලර් මිලියන 77.3ක වටිනාකමකින් යුක්ත විලා එකක් තමයි මේ විදියට තෑගි කරලා තියෙන්නෙ.

මුකේෂ් අම්බානි කොහොමත් දරුවන් විෂයෙහි මිල ගණන් නොබලා වියදම් කරන පියෙක් හැටියට ප්‍රසිද්ධයි. මේ තෑග්ග ඊට එක ම එක උදාහරණයක් විතරයි.

සුප්‍රසිද්ධ ”පාම් ජුමෙයිරා” ඩුබායිහි මිල අධිකම නිවාස පිහිටා ඇති පෙදෙසක්.

මිල අධික විචිත්‍රවත් මහල් නිවාස ,ඉහළ පෙළේ ගෝලීය අවන්හල් සඳහා මෙම පෙදෙස ප්‍රසිද්ධයි.

ඉන් අම්බානි මිලට ගත් විලා එක වර්ග අඩි 3,000ක් පුරා විහිදෙන බව සඳහන්.

එමෙන්ම එය සුඛෝපභෝගී නිදන කාමර දහයකින් සහ මීටර් 70කට වඩා වැඩි පෞද්ගලික වෙරළකින් සමන්විත බවයි කියවෙන්නේ.

ඉතාලි කිරිගරුඬ, විචිත්‍රවත් කලා කෘති ,ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වන ආලෝකකරණයෙන් සමන්විත එම නිවහන සශ්‍රීකත්වය විද්‍යාමාන වන ලෙස කළ නිර්මාණයක් බව සඳහන්.

මන්දිරය ප්‍රකෝටිපතියෙකුගේ ජීවන රටාවක් සඳහා ම සකස් කර ඇති බව සඳහන් වන අතර, එය අනන්ට්ගේ සහ ඔහුගේ අනාගත පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා සෑම සැප පහසුකමක්ම පිරිනමනු ඇති.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version