Home Local News එකම තිප්පොළෙන් කසිප්පු බිව් හතරක් මරුට!

එකම තිප්පොළෙන් කසිප්පු බිව් හතරක් මරුට!

0

දඹුල්ල ප්‍රදේශයේ දී කසිප්පු පානය කළ පුද්ගලයන් සිවු දෙනකු දින දෙකක් තුළ මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මීට දින දෙකට ඉහතදීද පුද්ගලයන් දෙදෙනකු හදිසියේ රෝගාතුරව මියගොස් තිබෙන බවත් එලෙස ඊයේ (29) පස්වරුවේද දඹුල්ල රත්මල්ගහ ඇළ ප්‍රදේශයේ එකම ගමේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු දඹුල්ල රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ එකම ස්ථානයකින් කසිප්පු පානය කළ පිරිසක් බව ප්‍රදේශවාසීහු පවසති.

මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අමතරව රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට කටයුතු කර මරණයට නිශ්චිත හේතු සොයා බලන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර පැවැසීය.

එමෙන්ම කණ්ඩායම් තුනක් යොදවා නීති විරෝධී මත්පැන් අලවි කරන ස්ථාන වැටලීම සිදු කළ බවද පොලිසිය කියයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version