Home Fashion New Look 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණයක්!

55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණයක්!

0

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසනවා.

ඔහු පැවසුවේ “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බවයි.

www.garusaru.lk යන වෙබ් අඩවිය යටතේ මේ වනවිට විෂය කේෂ්ත්‍ර ගණනාවකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

වෘත්තීය සමිති හදන්න බැරි මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, පින්තාරුකරුවන්ට, ත්‍රීරෝද රථ රියැදුරන්, බස් රියැදුරන් සියලුදෙනාට මේ හරහා ලියාපදිංචි වී තමන්ගේ ගරුත්වයක් සාදා ගන්නට හැකි වැඩසටහනක් හදන බව අමාත්‍යවරයා පවසනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version