Home Local News සජිත්ටත් බෑ අනුරටත් බෑ විවාදයකුත් නෑ!

සජිත්ටත් බෑ අනුරටත් බෑ විවාදයකුත් නෑ!

0

දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය මහජනතාව අතර බොහෝ සෙයින් කතාබහට ලක්වූ සහ අවධානයට යොමුවූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිෂ්චිත වී තිබෙනවා.

ඒ එම විවාදය සඳහා පක්ෂ දෙකේම නායකයින් විවිද මත පළ කිරීම හේතුවෙනි.

සමගි ජන බලවේගය විසින් යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටුවේ විවාදයට දෙන දින පිලිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමගි ජනබලවේග පාර්ශවය මුලින් ආර්ථික කමිටු විවාදය ඉල්ලීමත් දෙවැනුව නායකයන් අතර විවාදය පැවැත්වීමටත් ස්ථාවර මතයක සිට කටයුතු කිරීමත්, ජාතික ජනබලවේගය නායකයින් අතර විවාදය මුලින් පවත්වා පසුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමේ මතය මත කටයුතු කිරීමත් හේතුවෙන් පක්ෂ දෙක අතර විවාදය පැවැත්වීම අවිනිෂ්චිත බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් බොහෝ පාර්ෂවයන් පෙන්වා දෙන්නේ අදාල පක්ෂ දෙක අතර විවාදයක් කිසිසේත්ම නොපැවැත්වෙනු ඇති බවත් මෙම විවාද මාතෘකාව ඉදිරි මැතිවරණය වන තෙක්ම විටින් විට කරලියට පැමිණිම පමණක් සිදුවනු ඇති බවයි.

තවද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදය මුලින් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාසට ඉන් අමිහිරි පරාජයක් හිමිවීම නිසාත් ආර්ථික කමිටු අතර විවාදය මුලින් පැවැත්වුවහොත් ජාතික ජනබලවේගය අපහසුතාවට පත්වන නිසාත් මෙම විවාදය මැතිවරණයට පෙර කිසිසේත්ම නොපැවැත්වෙනු ඇති බවයි එම පාර්ශවයන් පෙන්වා දෙන්නේ.

මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණයට පෙර මෙම විවාද වලින් කුමක් හෝ මුලින් පැවැත්වුවහොත් පක්ෂ දෙකෙහිම මේ වනවිට ඇතිකරගෙන තිබෙන ජනප්‍රියතාවට දැඩි බලපෑමක් මේ තුලින් ඇති වන බවත් මේ හේතුවෙන් මෙම පක්ෂ දෙක කිසිම විවාදයක් මුලින් පැවැත්වීමට එකඟ නොවන බවත් සඳහන් කරනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version