Home Local News ජනාධිපතිවරනය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!

ජනාධිපතිවරනය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!

0

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිඳු අපේක්ෂකයකු එම ධූරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවයි ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති වැඩමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපති ධූරය සතු විධායක බලය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට ද හැකි වූ බව ඔහු පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බවයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේ.

මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේ ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version