21ට මෛත්‍රී අත් දෙක ම උස්සයි!

තමන් සහ තම පක්ෂය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව දැනුම් දී තිබේ.

පසුගිය මැයි 24 වන දා විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි දැක්වෙන සියලු ම සංශෝධනවලට එකඟ වන බව ත් තමන් ද සංශෝධන කිහිපයක් විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කරන බව ත් එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.