හර්තාලය සාර්ථකයි – මේක කළේ වතු සමාගම්වලට එරෙහිව මිස රජයට එරෙහිව නොවෙයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථක වූ බව ලංකා කම්කරු කොංග්රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
නොර්වුඞ් ප්‍රදේශයේදී ඊයේ (05) සවස පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ජීවන් තොණ්ඩමන් මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස රජය මගින් යෝජනා කර තිබියදී එයට වතු සමාගම් මේ වනතෙක් එකඟ නොවීම හේතුවෙන් එම වතු සමාගම්වලට එරෙහිව 05 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කළා.
ඒ අනුව 05 වැනිදා පැවැති එම හර්තාල් ව්‍යාපාරය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වුණා. මෙය නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පමණක් නොවෙයි තවත් දිස්ත්‍රික්ක කීපයකම පැවතියා. මෙම හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, පාසල් සිසුන්, රථ වාහන හිමියන් ඇතුළු විවිධ පිරිස් සහාය ලබා දුන්නා. යාපනයේ පාසල් සිසුන් පවා අපිට සහාය ලබා දුන්නා. එම නිසා මෙය සාර්ථක කර
ගැනීමට සහාය දුන්න සියලූම දෙනාට මේ අවස්ථාවේ ස්තුතිය පුදකරනවා.