Noize News 

දෙමළ ජාතිකයන්ට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය තිබිය යුතුයි – මන්ත්‍රී සුරේෂ් රාගවන්

ආණ්ඩුවේ ප්‍රාථමික ලක්ෂණ විදහා දක්වමින් නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් පවසයි.

දෙමළෙන් ජාතික ගීය ගායනයට ඉඩ නොදෙන්නේ නාගරික ජීවත් වන සුළු පිරිසකගේ වුවමනා මත බවත් දෙමළ ජාතිකයනට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය තිබිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි

ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට විරුද්ධ නොවන බවද පවසන ඔහු තමන් ද සිංහල භාෂාව ඉගෙන ගත්තේ බෞද්ධ භික්ෂුයකගෙන් බවද සඳහන් කරයි.

පුවත් පතක් සමග සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

Related posts

Leave a Comment