Noize News 

සියලු පුරවැසියන්ට එන්නත දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන්න

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත හැකි ඉක්මනින් මෙරට සියලු පුරවැසියන් හට දීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (03) පැවැති ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය පිළිබඳ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

සියලු පුරවැසියන්ට එන්නත දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා සොඛ්‍ය ඇතුළු අනෙකුත් බලධාරීන්ට එහිදී උපදෙස් දී ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කළ විමසීමකින් අනතුරුවය.

සංචාරකයන් මෙරටට ගෙන්වීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙන බවත් දැනට ගෙන්වනු ලබන සීමිත සංචාරකයන් ප්‍රමාණය ඉදිරියේදී වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් රණතුංග මහතා පවසා තිබේ.

Related posts

Leave a Comment