Noize News 

ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ පසු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත  බන්ධනාගාරයේ තබන ලෙස ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (03 දා) නියම කළේය.

ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෝහන මෙන්ඩිස් සහ විශ‍්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්. ඞී. නවරත්න පේ‍්‍රමතිලක යන සැකකරුවෝ තිදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

මෙම නඩුවේ 03 වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණයේදී කිසිවක් සඳහන් නොවිණි.

සියාම් ඝාතන විමර්ශන ගොනුව සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට ඇති ගිනි අවි සම්බන්ධ විමර්ශන ගොනුව මහර බන්ධනාගාරගතව සිටින මෙම නඩුවේ සිව්වන සැකකරු වන නවරත්න පේ‍්‍රමතිලක යන අයට පෙන්වා දීමට කටයුතු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත නියෝගයක් ලබාදෙන ලෙස පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ උ. පො. පරීක්ෂකවරුන් වන ප‍්‍රවීන් මධුරංග සහ ලියනගේ යන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම සිව්වැනි සැකකරුගෙන්

බන්ධනාගාරයේදී ප‍්‍රකාශ ලබා ගත් බවත් තවත් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා එම විමර්ශන ගොනු සැකකරුට පෙන්විය යුතු බවත් පොලිස් නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ. ඊට අදාළ නියෝගය නිකුත් කළ අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සැකකරුට එම ලිපි ගොනු පෙන්වීමට අවසර ලබා දෙන ලෙසත් සැකකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නිශාන්ත නිලධාරියාට අවසර ලබාදී අවශ්‍ය පහසුකම් ද ලබාදී පරිගණකය බන්ධනාගාරයට රැගෙන යෑමට දෙන ලෙසත් අධිකරණය මහර

බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය. කොවිඞ් වසංගත තත්ත්වය නිසා ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි. සැකකරුවන්ට කිසිදු නීතිඥ සහායක් ද නොවිණි.

Related posts

Leave a Comment