රනිල් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි – එහෙම කියන්නේ යාලුකමට නෙමෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
තමන් එසේ පවසන්නේ රනිල් වික්රමසිංහ සමඟ පවතින දීර්ඝකාලින මිත්රත්වය නිසාම නොවන බවත් රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේ සිටින විට ආණ්ඩු පක්ෂයට එය බලවත් අවාසියක් වන බවයි. “රනිල්ට වඩා ගැලපෙන කෙනෙක් UNP එකේ නෑ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සුදුසුකම් තියෙන. දැන් තියෙන විපක්ෂය බොහොම දියාරු එකක්.” අගමැතිවරයා වැඩි දුරටත් පවසයි.