Noize News 

නිදහස් දින රථවාහන සැලැස්ම මෙන්න

73 වන ජාතික නිදහස් දිනයේ පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල අද (03) දිනයේත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

හෙට (04) දිනයේ එම විශේෂ රථවාහන සැලැස්ම පෙරවරු 4.00 සිට පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මේ අනුව නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් සම්පුර්ණයෙන් වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක රථවාහන ධාවනය සිමා කෙරෙනු ඇති.

එම කාලය තුල ධාවනය සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති අතර එම මාර්ග සැලැස්ම පහතින් දැක්වේ.

Related posts

Leave a Comment