Noize News 

අන්තවාදී ප්‍රවෘත්ති පළ කළ ජවිපෙ චිත්‍ර ශිල්පියාගේ මානසික ආබාධය සලකා ඇප

මාධ්‍ය ආයතනවල ලාංඡන භාවිතා කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරමින් අන්තවාදී ප්‍රවෘත්ති පළ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති අංශය පරිගණක චිත්‍ර ශිල්පියාගේ මානසික ආබාධ තත්වය සලකා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා ඊයේ(02) සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ

මොහු රක්ෂිත බන්ධ­නා­ගාරගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් ශලනි පෙරේරා මහ­ත්මිය පසුගිය වනදා(27) නියෝග කර තිබිණි.

තමන් මෙම ප්‍රවෘත්ති නිර්මා­ණය කෙළේ ජනතා විමුක්ති පෙර­මුණේ වුව­ම­නාව අනුව බව සැක­කරු වන වීර­ප්පු­ලිගේ දුමින්ද සෙන­රත් යන අය රහස් පොලි­සියේ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.

Related posts

Leave a Comment