Noize News 

ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී හොදින් මුහුණ දිය හැකියි

මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  මෙවර සැසිවාරයේදී  ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දිය යුතු පිළිතුරු අවශ්‍ය වේලාවේදි ලබා දෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ,සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

මෙම චෝදනාව පදනම් විරහිත බවත් මේ සඳහා විද්‍යානුකූල පදනමකින් කරුනු කාරණා සහිතව පිළීතුරු ලබාදෙන බවත් පැවසු අමැතිවරයා පෙන්වා දුන්නේ යහපාලන රජය සමයේ මුලින්ම සිටි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා එවකට ඇමරිකාව සමග සම අනුග්‍රහයක් දක්වමින් ඉදිරිපත් කළ 30/1 අවාසනාවන්ත යෝජනාවේ   ප්‍රතිඵල අප දැන් විඳිමින් සිටින බවයි. 

මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වන විට රජයට එල්ල වන චෝදනා පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අද(02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

Leave a Comment