Noize News 

විදුලි උපකරණ ලංකාවේම නිශ්පාදනය කිරීම අරඹයි -Made in Sri Lanka සංකල්පයට නව ජවයක්

Made in Sri Lanka සංකල්පයට අනුව මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කරනු ලැබූ අතර මේවා පළමු වතාවට කර්මාන්ත අමාත්‍යවරයාට පරික්ෂා කිරීම සදහා ලබාදීම අද පසුගියදා කර්මාන්ත අමාත්‍යංශයේදී සිදු කෙරිණි.


ආනයනික උපාංග වලට වඩා ශක්තිමත් බවින් වැඩි මෙන්ම, මිල අඩු මෙම දේශීය උපකරණ ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රය සදහා යොදා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට ඉදිරියේදී කර්මාන්ත සහ විදුලි බල අමාත්‍යාංශය එක්ව කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළයුතු බව යෝජනා විය. ලංකා පිගන් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය අතර ඇතිකරගන්නා එකගතාවයට අනුව ඉදිරියේදී මෙම දේශියව නිපදවූ විදුලි පරිවාරක උපාංග මෙරට භාවිතය සදහා යොදාගැනීමට අවශ්‍ය පසුබ්ම සකසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Related posts

Leave a Comment