Noize News 

වෙස්වලා ගත් පුද්ගලයන් ලවා බොරු කියවූ රාජිතගේ නඩුව මාර්තු 2 වැනිදා

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ‘සුදු වෑන්’ භාවිත කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට වෙස් මාරු කරගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා අසත්‍ය ප‍්‍රකාශ මාධ්‍යයට නිකුත් කිරීම ඇතුළු අධිචෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් හාෂිම් මොහොමඞ් රූමි යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ලබන මාර්තු 2 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (29 )නියෝග කළේය.
 
 එකී මාධ්‍ය හමුවට අදාළ ප‍්‍රවෘත්ති පටිගත උපකරණ හා එකී සී. ඞී. පට විත්තියේ නීතිඥවරුන්ට නැරඹීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ද එහිදී ප‍්‍රධාන පෙළේ රූපවාහිනි මාධ්‍ය ආයතන හතරකට නියෝග කළ විනිසුරුවරයා ඒ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය සිදු කරන ලෙසට පැමිණිල්ලට නියෝග කළේය.
 
 2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පැවති එකී මාධ්‍ය සාකච්ඡුාවේදී ඇන්තනි ඩග්ලස් ප‍්‍රනාන්දු යන නමින් පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා නමින් එකී ප‍්‍රකාශය සිදු කිරීම, එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් නමැත්තා සතුව තිබූ රන් භාණ්ඩ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතුකර ගත් බවට අසත්‍ය ප‍්‍රකාශයක් වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල නමැත්තා මගින් ප‍්‍රකාශ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ ධනරාජ් සමරකෝන්, ජනාධිපති නීතිඥ කේ. වී. තවරාසා යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.

Related posts

Leave a Comment