Noize News 

වියත්මග හා වරාය වෘත්තීය සමිති එක්වීමෙන් නැගෙනහිර පර්යන්තයට සුබදායි පිළිතුරක් ලැබෙයි

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා වරාය වෘත්තීය සමිති විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

වියත්මග ප්‍රධානී නාලක ගොඩහේවා මහතා විසින් අදාළ වෘත්තිය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණ යෝජනාවලිය ඔහුගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කර තිබේ

මේ වන වනවිට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු ඇති අතර එකී යෝජනාවලියට සුබදායි පිළිතුරක් ලැබිමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

මෙම යෝජනාවලිය තුළ වරාය වෘත්තීය සංගම් විසින් ප්‍රධාන වශයෙන්ම ඉල්ලා සිටින්නේ වරායෙහි නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරියට යටතේ පවත්වාගෙන යන ලෙසයි . එමෙන්ම ඔවුන්ගේ යෝජනාවක් ලෙස වරාය බටහිර පර්යන්තය ඉදිරියේදී රජය විසින් ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලි සඳහා අනුගත කරන ලෙසත් ඔවුන් දන්වා සිටී .

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවරා දීම මූලික කරගනිමින් ඊයේ (29) දින අකුරට වැඩ කරමින් සියලුම වරාය සේවකයන් විසින් විරෝධතාවක් පවත්වා තිබුණා. මෙම අවස්ථාවට සහභාගි වූ වියත්මග ප්‍රධානී නාලක ගොඩහේවා මහතා අදාල වෘත්තීය සංගම් හා එක්ව සාකච්ඡා කොට ඒ අනුව ඔවුන්ගේ අදහස් ඇතුළත් අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කර තිබේ

Related posts

Leave a Comment