Noize News 

කැබිනට් එකේදී ජැටිය රකින්න විමල්ගෙන් ‘සන්ධානයක්’

ලබන සඳුදා (01) කොළඹ වරායේ නැෙඟනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පෙරේදා (28) දුරකථනය මාර්ගයෙන් ශී‍්‍ර ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ පහක නායකයන්ට ඇරයුම් කර තිබිණි.
 
 මෙම සාකච්ඡුාව අද (30 ) විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය. පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂය ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණ, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය සජී වීරසිංහ, ශී‍්‍ර ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් යන මහත්වරුන්ට විමල් වීරවංශ ඇමැතිවරයා මෙසේ ඉහත සාකච්ඡාව සඳහා දුරකථනය මගින් ඇරයුම් කර ඇත.

Related posts

Leave a Comment