එජාපයේ ඉරණම භයානකයි – අනාගතයක් තියෙන්නේ සමගි ජන බලවේගය එක්ක – තිස්ස කියයි
එක්සත් ජාතික පක්ෂයේ ඉරණම භයානක බවත්, එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්විමෙන් බව ජාතික සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.
තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (30) දින ගිනිගත්හේන පිටවල ශ්‍රි විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති නාවලපිටියේ ඛේමානන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිම සදහා එම විහාරස්ථානයට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.