Noize News 

යහපාලන ආණ්ඩුව නැඟෙනහිර ජැටිය විකුණන්න ගිය බව මෛත්‍රීට මතක නෑ – ඇමති මහින්දානන්ද කියයි

යහපාලන ආණ්ඩු සමයේ වරාය නැඟෙනහිර ජැටිය විකිණීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරද්දී මූලාසනයේ සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද එය අමතක වීම කනගාටුවට කරුණක් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රජය මේ වන තෙක් නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් විදේශ ආයෝජකයකුට මෙය දීම වැළැක්වීම සඳහා කරන උද්ඝෝෂණ පසුපස නැඟෙනහිර ජැටිය ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන වෙනත් කණ්ඩායම් සිටින බවත් ඒ මහතා කීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (27) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේය. වරාය නැඟෙනහිර ජැටිය විකිණීම හෝ බදු දීම නොකරන බව ජනපති හා අගමැති පැහැදිලිව රටට ප්‍රකාශ කර තිබෙන බවත් මෙය කැබිනට් මණ්ඩලයට හෝ මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

Related posts

Leave a Comment