Noize News 

ධිකරණ ඇමැතිවරයා අන්තවාදීන් පෝෂණය කරනවා – අලි සබ්‍රි අස්කරන්නැයි කළුතරදී විරෝධතා

සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව ඊයේ (28 ) පෙරවරුවේ කළුතර පාළම් දෙක අසලට පැමිණ අධිකරණ ඇමැතිවරයා අන්තවාදීන් පෝෂණය කිරීමට සහායවන බැවින් ඔහු එම ධුරයෙන් වහා ඉවත්කරන ලෙස රජයට බලකරමින් විරෝධාවක නියැළී සිටියහ.
 
 අධිකරණ ඇමැති අලි සබි‍්‍ර වහා ඇමැති ධුරයෙන් ඉවත්කරනු, රටේ විධායක ජනාධිපති අලි සබි‍්‍රද , සබි‍්‍ර සීඅයිඒ බළල් අතක්ද, කාති ගැසට්ටුව අහෝසි නොකරන්නේ කාගේ
 
 වුවමනාවකටද, යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව දොඩම්පහළ සිරිපවර හිමි කළුතර ප‍්‍රදේශීය සභා මන්ති‍්‍ර සුසිල් පද්මසිරි ඇතුඵ එහි නියෝජිතයන් පිරිසක් එදින පෙරවරු 10.30 ට පමණ කළුතර පාළම් දෙක අතරට පැමිණ විනාඩි 30 ක පමණ කාලයක් විරෝධතාවයේ නියැලි සිට විසිර ගියහ. විරෝධතාව පැවැත්වු ස්ථානය අවට කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයන්ත වටගෙදර ඇතුළු පොලිස් කණ්ඩායමක් යොදවා සිටින අයුරුද දැකගත හැකිවිය.

Related posts

Leave a Comment