Noize News 

චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සම්බාධක පනවන්න – මානව හිමිකම් කොමසාරිස් සාමාජික රටවලින් ඉල්ලයි

මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙලි බැෂලේ මහත්මිය අන්තර් ජාතික අපරාධ අධිකරණයෙන් හා සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ.
 
 යුද්ධයේ අවසන් අදියරේදී මරණයට පත් වූ සිවිල් ජනතාවට සාධාරණය ඉටුකිරීමට පොරොන්දු වූ ශ‍්‍රී ලංකාව ඒවා ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි ද ඇය චෝදනා කර ඇත.
 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලබන මාර්තු මසදී ජීනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා සකස් කර ඇති වාර්තාව මගින් ඇය මෙම ඉල්ලීම කර තිබේ.
 
 ඉකුත් යහපාලන රජය සමයේ ශ‍්‍රී ලංකාව මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් දැක්වූ ප‍්‍රගතිය වත්මන් රජය මගින් ආපස්සට හරවා ඇතැයි ද සිය වාර්තාව මගින් ඇය ජාත්‍යන්තරයට අවධාරණය කර ඇත.
 
 උතුරේ අසරණ දෙමළ ජනතාව ත‍්‍රස්තවාදයෙන් ගලවා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා හමුදාව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ මානුෂීය මෙහෙයුමෙන් පසු මානව හිමිකම් කඩ කළ බවට ජාත්‍යන්තරයෙන් හා විවිධ පාර්ශ්ව වෙතින් හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල විය.
  

Related posts

Leave a Comment