Noize Gossip 

විරාට් කෝලි සහ සුරූපී නිළි තමන්නා නඩුවකට පැටලෙයි

ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සහ දකුණු ඉන්දීයානු සුරූපි නිළියක වන තමන්නා භාතියා හට කේරළ අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

මෙම නොතීසි නිකුත් කිරීමට හේතුව වී තිබුණේ ඔවුන් දෙදෙනා විසින් අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන කාඩ් ක්‍රීඩාවක සන්නාම තනාපතිවරුන් ලෙස ක්‍රියා කිරීමයි.

කේරළ අධිකරණය විසින් මෙම දෙපළට නොතීසි නිකුත් කරමින් පවසා තිබුණේ මෙම දෙපළ සන්නාම තනාපතිවරුන් ලෙස තරුණ දරුවන් සූදුවට පෙළෙඹීම සඳහා කටයුතු කරන බවයි.

තරුණ තරුණියන්ගේ ජීවිත අවදි කිරිම වෙනුවට මෙවන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අධිකරණය මොවුනට දැඩි ලෙස චෝදනා කර තිබුණු බවත් සඳහන් වෙයි.

එමෙන්ම මෙම අන්තර්ජාල සූදු ක්‍රීඩාව වහාම නවතා දැමිය යුතු බවටද ප්‍රාන්ත ආණ්ඩුවටද අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම මෙම තීන්දුව ලබා දීමට පෙත්සම් ගොනු කළ පුද්ගලයා විසින් පවසා තිබුණේ මෙම සූදු ක්‍රීඩාව නිසා මුදල් අහිමි වීම මත පවුල් අර්බුදයන් ඇති වීම නිසා සමහර තරුණයන් සියදිවි පවා නසාගෙන ඇති බවයි.

Related posts

Leave a Comment