Noize News 

පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනය කළ ග‍්‍රාමසේවකයා

16 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන ග‍්‍රාම නිලධාරියකු ඊයේ (27 දා) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි. මෙකී ග‍්‍රාම නිලධාරිවරයා 38 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. අපයෝජනයට ලක්ව ඇති පිරිමි දරුවාට මොහු විසින් ගණිතය උගන්වා ඇති බවද පොලිසිය පවසයි. එහිදි මෙකී පිරිමි දරුවා බියවද්දා 2018 වසරේ සිට දිගින් දිගටම අවස්ථා

ගණනාවකදී මොහු විසින් අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි. එය ඉවසාගත නොහැකිව ලොකු අම්මාගේ

පුතාට පැවසීමෙන් පසු මවට දන්වා පොලිසියට පැමිණිලි කර තිබේ. අත්අඩංගුවට සැකකාර ග‍්‍රාම නිලධාරිවරයා අද (28 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

Leave a Comment