Noize News 

කතරගම පූජා භූමියේ වල්ලි අම්මා කෝවිලේ කපුවාට හා බිරිඳටත් කොරෝනා

කතරගම පුජා භූමියේ පිහිටි වල්ලි අම්මා කෝවිලේ ප‍්‍රධාන කපු මහතාට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බව පෙරේදා (26 දා) සවස තහවුරු වූ බව මොණරාගල දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.

ඒ අනුව විෂබීජහරණය කිරීමෙන් පසු බැතිමතුන්ට දේවාලය විවෘත කරන තෙක් පෙරේදා (26 දා) සිට දේවාලය තාවකාලිකව වසා තැබීමට කටයුතු කර තිබේ. ගෙවුණු සති දෙකක තුළදී පමණක් කතරගම ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් 18 දෙනකුම කතරගම ප‍්‍රදේශයේ මළ ගෙදරකට සහභාගී විම හේතුවෙන් ආසාදිතයන් බවට පත් වූවන් බවද සමන් දිසානායක මහතා පැවසීය. පුද පුජා කටයුතු සිදුකරන අවස්ථාවන් තුළදී කපු මහතා මුඛ ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඉකුත් සති දෙකක කාලය තුළදී වල්ලි අම්මා කෝවිලේ පුද පූජා සඳහා පැමිණි බැතිමතුන් හා කපු මහතා හා ඔහුගේ බිරිඳ හා සමීප සබඳතා පැවැත් වූ යම් අයකු වේ නම් ඔවුන් ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් දැනුම් දෙන ලෙසද කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා ඉල්ලා සිටියි.

Related posts

Leave a Comment