වැඩිහිටි නිවාස දෙකක කොවිඩ් ආසාදිතයෝ
වැඩිහිටි නිවාස දෙකකින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
මෙලෙස ආසාදිතව ඇති පිරිස අතර පිටබැද්දර, දෑරංගල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 12 දෙනෙකු සහ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇත.
එසේම අනෙක් වැඩිහිටි නිවාසය ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකි. එහි වැඩිහිටියන් 05 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී තිබේ.