කොරෝනා මෘත දේහ ආදාහනය නවතා දමනු – එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැනුම් දෙයි

ශ‍්‍රී ලංකා රජය මගින් කොරෝනා ආසාදිත මෘතදේහ ආදහනය කිරීම සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් බව පවසමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සංවිධානය විසින් හෙළා දැක තිබේ.

එය එම සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවතා දමන ලෙසයි.

ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහීම් වලට බාධා වන බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩතා තවත් ඉහළ යා හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *