Noize News 

කොරෝනා නසන තවත් පැණියක් සොයා ගනී – දින 3කින් සුව නොවුණොත් වෙද මහතා සිය දිවි නසා ගන්නා බව කියයි

පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරකින් යුත් කොරෝනා නසන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු පවසයි.

දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැගෙන ගොස් ඇති බවත් වෛරසය ආසාදිතයෙකු මෙය පානය කලහොත් දින 03කින් පුර්ණ සුවය ලබන බවත් හෙතෙම පවසයි.

ආසාදිත නැති අයෙකු පානය කලහොත් වෛරසය ආසාදනය නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්‍ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති ඇති අතර ආසාදිතයන් 150ක් පමණ දැනට සුවපත් කර ඇති බව ඔහු පවසයි.

මෙම බෙහෙත පානය කල පසු ආසාදිතයෙකු දින තුනක් ඇතුළත සුවපත් නොවුවහොත් තමන් සිය දිවි නසා ගැනීමට ඔට්ටු අල්ලන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

Leave a Comment