ධම්මික බණ්ඩාරට හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යන්න දෙන්න බෑ – GMOA
ධම්මික බණ්ඩාර මහතා විසින් පහර දුන් බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සංගමයේ සහයෝගය දෙන බවත් හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාර මහතාට ඉඩ දිය නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සාධාරණයක් සිදුවිය යුතු බවද ඔහු සඳහන් කරයි.
හෙළ වෙදකමට මුවාවී පාතාලයක් රන් කරවන්න ඉඩ දිය නොහැකි බවත් තමන් වටේ සීයක දෙසීයක මැර පිරිසක් සමඟ කටයුතු කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අලුත්ගේ මහතා මෙම අදහස් පල කරන ලදී.