Noize News 

ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා සෞඛ්‍ය නිලධාරිනියක් අතර ඇති වූ අශීලාචාර සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලයි

ශී‍්‍ර ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ යොවුන් කී‍්‍රඩකයෙකු සහ කණ්ඩායමට අනුයුක්තව සේවය කළ සෞඛ්‍ය නිලධාරිනිය අතර ඇතිවූවේ යැයි මාතෘකාවට බඳුන් වූ අශීලාචාර සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. එ් අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස දන්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා වෙත දන්වා යවා තිබේ.

කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයට අනුව එහි දැක්වෙන පරිදි අදාළ කී‍්‍රඩකයා සහ කණ්ඩායමට අනුයුක්තව සේවය කළ සෞඛ්‍ය නිලධාරිනිය අතර ඇතිවූවේ යැයි කියන විනය විරෝධී කි‍්‍රයාව සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තාවල ඇත්ත නැත්ත සොයා බලා කඩිනම් වාර්තාවක් කි‍්‍රකට් ආයතනය වෙත ලබා දෙන ලෙස අසන්ත ද මෙල් මහතාගෙන් ඉල්ලා තිබේ. එහිදී ඔහු විසින් ලබා දෙන වාර්තාවේ කරුණු අනුව අවශ්‍යතාවක් සිදු වුවහොත් පමණක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කියා සිටී. මීට අමතරව එහිදී මෙම කී‍්‍රඩකයා සහ සෞඛ්‍ය නිලධාරිනිය අතර යම් විනය විරෝධී කි‍්‍රයාවක් සිදු වී ඇති බවට සනාථ වුවහොත් අදාළ පාර්ශවයන් පිළිබඳ පැකිලීමකින් තොරව දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අදාළ නිවේදනයෙන් කියා සිටී.

මේ අතර මෙම විනය විරෝධී කි‍්‍රයාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශී‍්‍ර ලංකා පුහුණුකරු මිකී ආතර් අදාළ චෝදනාව ප‍්‍රතික්ෂේප කර තිබේ. සිය ට්විටර් ගිනුමේ ප‍්‍රකාශයක් නිකුත් කරමින් මිකී ආතර් වැඩිදුරටත් දන්වා ඇත්තේ කී‍්‍රඩකයන් ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව සිටියදී එවැනි කි‍්‍රයාවක නිරත විය නොහැකි බවය. තවද පුවත්පත්වල පළ වූ එම වාර්තාව සත්‍යතාවක් නොමැති බවත් එය අපකීර්තිමත් වාර්තාවක් බවත් ගලේලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජය ගනිමින් තරගාවලිය සම කර ගැනීමට උත්සාහ දරන මොහොතක කණ්ඩායමට මෙවැනි අපකීර්තිමත් චෝදනාවක් එල්ල කිරීම ලජ්ජා සහගත බවත් මීකි ආතර් සිය ට්විටර් ගිනුමේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා – එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය අතර තුරදී සිදුවී යැයි කියන විනය විරෝධී කි‍්‍රයාවට සම්බන්ධ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයාට සහ අදාළ සෞඛ්‍ය නිලධාරිනියට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නැතැයි මේ වන විට වාර්තා වේ.

Related posts

Leave a Comment