Noize News 

සියළුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකගත්වය

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට මගී මෙහෙයුම් සිදු කළ සියළුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකගත්වය පල කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කරමින් වානිජ ගුවන් ගමන් ආරම්භ කළ අද දිනය තුල පමණක් වානිජ ගුවන් ගමන් 15 ක් පමණ සිදු වූ බවයි.
කොවිඩ් 19 වසංගතය රට තුල පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු තත්වයකට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බව පැවසූ ඇමතිවරයා ඒ සදහා කිසියම් කාලයක් ගත විය හැකි බවද කියා සිටියි.
සංචාරකයන්ට රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (21) උදෑසන කොළඹ දී පැවති උත්සවයකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය. සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුනි.

Related posts

Leave a Comment