කුලියාපිටිය ශික්ෂණ රෝහලේ සේවක මණ්ඩලයේ 14 දෙනෙක්ට කොරෝනා
ඊයේ (20) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ සේවක මණ්ඩලයේ 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පවසයි.
එම ආසාදිතයින් අතර වෛද්‍යවරුන් සිව්දෙනෙකු, රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් දෙදෙනෙකු සිටියි.
එම රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ සේවයකළ සියලු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති බව රෝහලේ අධ්යක්ෂවරයා පවසයි.