ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලියට ලසිත් මාලිංග සමුදෙයි
ඉන්දීය ප්රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුළු ලාභියා වන ලසිත් මාලිංග නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ලසිත් මාලිංග ලීග් තරඟාවලියන්ගෙන් විශ්රාම ගන්න බව ප්රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලසිත් මාලිංගව සිය කණ්ඩායමේ තවත් දුරටත් රඳවා නොගැනීමට තීරණය කිරීමෙන් පසුව මාලිංග විසින් මෙම තීරණය ප්රකාශයට පත් කිරීමද සුවිශේෂීත්වයකි.
ඔහු කඩුළු 170ක් දවා ගෙන ඇති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්රහණය කරාද ගෙන ගොස් තිබේ.