Noize News 

අටලුගම දී PHI ට කෙළ ගැසූ පුද්ගලයා වසර 6කට හිරේ

ප්‍රතිකාර සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට පියවර ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගසා රාජකාරියට බාධා කළ අටලුගම කොවිඩ් රෝගියාට චෝදනා 03ක් සම්බන්ධව වැරදිකරු කරමින් වසර 02 බැගින් වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් දස දහසක මුදල් දඩයක්ගෙවන ලෙස  අද (21දා) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියම කළේය. කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් රැසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාමට 2020 වසරේ දෙසැම්බර් 02වැනිදා පියවර ගනිද්දී  මෙම සිද්ධිය සිදුවිය.

Related posts

Leave a Comment