Noize News 

පුවත් මැවූ 1818 ඊතලය අර්ත් කූරක්ලු – ඇත්තම කතාව මෙන්න

ඊයෙ පුවත් අතරට එකතු වූ විශේෂ පුවතක් තිබුණා. එහි පෙන්වා තිබුනේ තඹ වලින් නිෂ්පාදිත වූ ඊතලයක් ගැන .

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී විල්සන් නැමැති දූෂිත ඒජන්තවරයෙකු ඊතලයක් වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා. මෙහි පෙන්වූ ඊතලයේ කියන දෙය සොයා ගෙන තියෙන්නේ මෙම ඒජන්තවරයාගේ ස්මාරකය ලඟින් .

ඉතින් මේ සිද්ධියත් එක්ක මේ තියෙන්නෙ එම ඒජන්තවරයාට වැදුණු ඊතලේ බවට කතිකාවතක් ගොඩ නැගෙනවා. මේ කතාව කියන්න හාමුදුරුවන් වහන්සේ නමක්. ඒ  වගේම උන්වහන්සේ ගේ කතාව අහන්න ලංකාවෙ තියෙන ගොඩක් මාධ්‍ය ආයතන එක්රැස් වෙලා හිටියා .

එත් ඇත්තටම මොකක්ද මේ ඊතලය?

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහනක් පළ කර තිබුණා .එහි දැක්වෙන පරිදි මේ තියෙන්නෙ ඊතලයක් නෙමෙයි අර්ත් කූරක්. එය ඊතලයක් නොවන බවත් මෙහි උලක් දෙයක් පවතින්නේ එය පොළොව යටට පහසුවෙන් කිඳා බැස්වීමට බවත් එහි සඳහන් වී තිබුණා.  මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් බොහෝ අය පවසන්නේ  මේක අර්ත් කූරක් කියලයි.


Related posts

Leave a Comment