Noize News 

වතු කම්කරුවන්ට 1000ක් දෙනවාමයි – ඇමති නිමල් සිරිපල ද සිල්වා කියයි

වතු කම්කරුවන් සඳහා රුපියල් දහසක දෛනික වැටුප ලබාදීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා බව වතු සමාගම් සභාපතිවරු හා ඉහළ කළමනාකාරිත්ව නියෝජිතයන් සමග (15 දා) පැවති සාකච්ඡාවේදී කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත.

මෙම සාකච්ඡාවට වතු සමාගම් 22 ක සභාපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගි වී තිබේ.

දෙපාර්ශ්වයේ ස්ථාවරයන්හි පවත්නා පරස්පරතා නිසා සාමූහික ගිවිසුමකට ඇතුළත්වීමට නීතිමය අවකාශයක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් පඩිපාලක සභා පනත යටතේ තමන් සතු බලතල පාවිච්චි කරමින් වතු කම්කරුවන් සඳහා වන අවම වැටුප නියම කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

පඩිපාලක සභා පනත මගින් මෙම ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් දැනට ඉදිරිපත් කර ඇති බවත් හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරිපත් කරනු ලබන කරුණු ඉදිරි ඇමැති මණ්ඩල රැුස්වීමට යොමු කරන බවත් ඇමැතිවරයා ප‍්‍රකාශ කර ඇත.

රජය ගෙන තිබෙන තීරණයට අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවීමේ තීරණයට අපහසුවෙන් හෝ තම සමාගම සූදානම් බවත් එම වැටුප් ක‍්‍රමවේදය සකස් කිරීමේදී දැනට මූලික වැටුප රුපියල් 700 ක් ලෙසත්, අතිරේක දීමනා ලෙස රුපියල් 300 ක් වශයෙන් එම රුපියල් 1000 ගෙවීමට ඔවුන් එකඟ බවත් එකී වැටුප් ක‍්‍රමවේදයට වෘත්තීය සමිති එකඟ වන්නේ නම් සාමූහික ගිවිසුමට ඇතුළත්වීමට සූදානම් බවත් එම සාමූහික ගිවිසුම වසර හතරක් සඳහා අත්සන් කළ යුතු බවත් වතු සමාගම් නියෝජිතයන් ප‍්‍රකාශ කර තිබේ.

වතු කම්කරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 700 වැටුප අවම වශයෙන් 725 ක් දක්වා වැඩි කර ඉතිරි රුපියල් 275 දිරි දීමනා වශයෙන් ලබාගැනීමටත් සාමූහික ගිවිසුම වසර දෙකහමාරක් විය යුතු බවටත් වතු කම්කරු වෘත්තීය සමිති කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බව ඇමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

Related posts

Leave a Comment