Noize News 

මාර්ග බාධකයේ අහඹු පරීක්‍ෂාවෙන් 106කට කොරෝනා

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හමුවි ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිටස්තර ප්‍රදේශවල සිට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදි මසකට අදික කාලයකදි පුද්ගලයන් 1825 දෙනකු  අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එසේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ බවත් තවත් පිරිසක් මස්කෙළිය, කොටගල, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කාමදේවන් මහතා තව දුරටත් පවසන ලදි.

Related posts

Leave a Comment