කොළඹට කුඩු බෙදන ඒජන්තවරියක් අත්අඩංගුවට
කොළඹ නගරයට හෙරොයින් බෙදාහරිනු ලැබූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසකදී අද(17) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් කාන්තාව සතුව තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්රෑම් 01යි ග්රෑම් 680ක් සමග රුපියල් හය ලක්ෂයකට අධික මුදලක් ද පොලිසිය අතුඅඩංගුවට ගෙන ඇත.