Noize News 

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ස්ථාවරව ගෙනයාමේ වැඩපිළිවෙලක් ලබන මස සිටි අරඹනවා

සතොස මෙතෙක් භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරමින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ස්ථාවරව පෙබරවාරි සිට මාස හයක් පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 11 වනදා අමාත්‍යංශයේ එස්.ටී.සී වෙළෙඳ සන්නාමය යටතේ රීබෝන් ආයතන නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද .දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීමේ  වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව එක්ව රාජ්‍ය වගකීමක් ලෙස මේ රටේ පාරිභෝගික ජනතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වෙළෙඳ පොළේ පවතින තරගකාරී මිලට වඩා අඩු මිලට දෙන්න අපට පුළුවන් වුණා. රටේ විශාල පාරිභෝගික පිරිසකට සාධාරණ මිලක් වෙළඳපොලේ ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න අපට හැකි වුණා . උදාහරණයක් ලෙස දාස සමූහ ව්‍යාපාරය නිෂ්පාදන එස් එල් එස් ප්‍රමිති සහතික යටතේ මුහුණු ආවරණ වල වෙළෙඳපොළේ මිල රුපියල් 40 තියෙද්දී  අපි රුපියල් විස්ස දක්වා අඩු කළා.

පසුගිය කාලය වන විට සතොස මගින් මුහුණු ආවරණයක් අලෙවි කරන්නේ රුපියල් 15 කට ඒ අලෙවිකරණ රුපියල් පහළවෙනුත් එක රුපියලක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ප්‍රධානය කළා. ඉස්තරම්  වර්ගයයේ තේ කොළ පැකට් වුවත් වෙළෙඳ පොළේ රුපියල් 140 දෙන විට අපි රුපියල් සීයට දුන්නා. ගුණාත්මක බවින් යුක්ත කාර්මික තාක්ෂණ ආයතනය නිෂ්පාදිත විසබීජහරණය අත් සෝදන දියර වෙළඳපොලේ රුපියල් 350ට තිබෙන විට අපි 280 දක්වා අඩු කර අලෙවි කරා අනෙකුත් නිෂ්පාදන ගුණාත්මක බව තහවුරු කරගෙන පාරිභෝගිකයන්ට සහන දී තියෙනවා. මේ වසරේ දී වාණිජ නීතිගත සංස්ථාව වසර 50 පිරෙනවා. අප මේ භාණ්ඩ රට පුරා බෙදා හැරීම භාරගෙන සතොස සමුපකාර අලෙවිසැල් මගින් අනාගතයේ දී සහන මිලට මේ භාණ්ඩ බෙදා හැරීමට බලාපොරොත්තු වෙනවා .මෙහි තිබෙන විශේෂත්වය තමයි ඕනෑම නිෂ්පාදන ආයතනයක භාණ්ඩ අපි අලෙවි කරන්නේ නැහැ විශ්වාසයෙන් යුත් ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුත් භාණ්ඩ පමණයි අපේ ආයතනවල අලවි කරන්නේ.එමෙන්ම මෙන්ම වෙළෙඳපොළේ තිබෙන මිලට වඩා මිල අඩු කොට සහන මිලට තමයි අපේ ආයතන වල භාණ්ඩ අලෙවි කරන්නේ මිල අඩුවෙන විට තවත් මිල අඩු කොට තමයි අපි පාරිභෝගිකයාට දෙන්නෙ.

රීබොන් ආයතනය තරුණ ශ්‍රී ලාංකේය ව්‍යාවසායතයන් පිරිසක් මීට වසර 18 කට පෙර ආරම්භ කර තිබෙනවා ඔවුන් එදිනෙදා නිවසට පිරිසුදු කිරීමට අවශ්‍ය වැසිකිලි ක්ලීනර් බිස්නස් ඇතුළු භාණ්ඩ රැසක් එස් ටී සී ලාංඡනය යටතේ තමයි  බෙදා හරින්නේ. ඒ නිසා සෑම සතොස වෙළඳසැලකම එස් ටී සී ආයතනය වෙනුවෙන්ම වෙනම කවුළුවක් විවෘත කර තිබෙනවා. අපි පාරිභෝගික ජනතාවට පණිවිඩයක් දෙනවා හොඳම භාණ්ඩ වෙළෙඳ පොළේ තිබෙන මිලට වඩා අඩුවෙන් රාක්කය තිබෙනවා කියා. රාජ්‍ය වගකීමක් සහිතව දෙන භාණ්ඩ පරිභෝජනය කරන්න අවස්ථාව සියලු දෙනාටම ලබාදී තිබෙනවා.  මුලින්ම එස් එල් එස් ප්‍රමිති ලාංඡනයක් තිබුණේ නැහැ මුහුණු ආවරණ වලට. අපේ මූලිකත්වයෙන් තමයි ඒ සඳහා අවස්ථාව ලැබුනේ.  දාස සමූහ ව්‍යාපාරය මුහුණු ආවරණ අලෙවියත් වැඩි වුණා. ජනතාවට ගුණාත්මක බවින් යුක්ත මුහුණු ආවරණ ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය්  දැක්ම ජාතික වැඩසටහන යටතේ  විදේශයන්ගෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවට මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියළුම භාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කිරීමට බෙදා හැරීමට උදව් කිරිම  තමයි අපේ ප්‍රතිපත්තිය. පෙබරවාරි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ රැසක මිල ස්ථායිකරණය කරන්න. ඒය පෙබරවාරි මාසයේ සිට ජූලි දක්වා මාස හයක් මිල ඉහළ යා නොදී පවත්වාගෙන යෑමට පාරිභෝගික ආරක්ෂණ පනත දහ වන වගන්තියේ විධිවිධාන වලට අනුව නිෂ්පාදනයන් වෙළඳ ආයතන හා බෙදා හරින්නන් සමඟ ගිවිසුමකට එළඹෙන්න හැකියාව තිබෙනවා.

මේ කරන්නේ ඒ සඳහා වන පූර්ව සූදානමක් මේ හඳුන්වා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මාස හයක් යනතුරු මිල වැඩි කරන්නේ නැහැ. පෙබරවාරි මාසය වන විට මෙතෙක්  පැවති මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරන්න තීරණය කර තිබෙනවා කැබිනට් අනුමැතිය ඇතිව ඇමති මණ්ඩලය  අමාත්‍යංශ ලේකම්ගේ නායකත්වයෙන් ටෙන්ඩර් කමිටුවක් පත් කරලා ඒ මිල ගනන් සතියකට දෙවරක් අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල අත්‍යාවශ්‍ය.   මෙතෙක් ඉතිහාසයේ දී අත්පිට ගත්තෙ නැහැ මාස කීපයක් පමා වෙමින් අත්පිට මුදලට භාණ්ඩ ගත්තහම විශාල අඩු මුදලකට භාණ්ඩ ගැනීමේ හැකියාව තියෙනවා. රජය ඒ සඳහා විශේෂ මුදලක් අපට වෙන් කර දී තිබෙනවා. සතොස මේ වන විට සැපයුම්කරුවන් රුපියල් බිලියන හතක් පමණ ගෙවන්න තිබෙනවා. ඒක ටික ටික ගෙවමින් තිබෙද්දි තමයි මේ සිදුවෙන්නේ.

පසුගිය යහපාලන සමයේදී සමුපකාර තොග වෙළඳ ආයතන ලංකා සතොස   රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමුපකාර සංවර්ධන අරමුදල යනාදීය තුළ  වංචා දූෂණ අක්‍රමිකතා  ගැන ප්‍රමාණාත්මක වශයෙන් අපට කියන්න ද දැනෙන්නෙ නැහැ. යහපාලන සමය තුළ සිදු වූ දේවල් රටම දන්නවා මේ ආයතන ලාභ ලැබුවත් එහි ලාභයත් ජනතාවට පාඩු ලැබුවත් එහි පාඩුවක් ජනතාවටයි. සූරාකෑමේ ප්‍රතිපත්තියේ සිටින ජාවාරම්කාර වෙළඳාමට එරෙහිව ෙ සාධාරණ වෙළඳාමක් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යංශ ලේකම් භදානි ජයවර්ධන මහත්මියද රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථා සහ අමාත්‍යංශ්‍ය යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් හා රීබොන් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන  නිලධාරීහු මේ සඳහා එක් වීය.

Related posts

Leave a Comment