Noize News 

හිටපු අගමැතිට කට උත්තර නැති වෙයි – කල්පනා කරලා දුන්න උත්තරේ මෙන්න

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කොවිඩ් වසංගත  ගැන මෙන්ම මාධ්‍යෙව්දීන් විසින් විමසූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුණි.

“මට පේන්නේ නෑ මේන මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා.. මේක පැතිරෙන වෛරසයක්. සමහර රටවල් එන්නත් එන්නත්කරණය පටන් අරන් ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නෑ. මාර්තු මාසේ ලැබෙනවා කිව්වට ඒක සම්පූර්ණ අසත්‍යක්.

අපි ඉන්දියාව ගැන කියනවා චීනේ ගැන කියනවා ඉන්දියාව බෙදාහරින්න පටන් අරන් තියෙන්නේ පහුගිය සුමානේ ඉදන්. ඒගොල්ලො කියල තියෙන්නෙ අවට සාග් රටවල්වලට පළවෙනි වටේට දෙන්න පුළුවන් එන්නත් මිලියන විස්සයි කියලා. රටවල්වල ඔක්කොම ජනගහන එකතුකරහම මිලියන 500ක් විතර ජනගහනයක් ඉන්නවා.

චීනය සමග තාම ගිවිසුමක් ගත්තාද කියලා අපි දන්නේ නැහැ ඒ සඳහා නියම යාන්ත්‍රණයක් නැහැ. මට මට ආරංචියි ආණ්ඩුව අපනයන ්‍යාපාරිකයන්ගෙන්  මිලියන දහයක් තෑගි දෙන්න කියලා තියෙනවා .මේවා අරගන්න ඒ මුදල අපිට අයවැයෙන් හොයාගන්න පුළුවන්. අපි හිඟාකනවා පුද්ගලික අංශයෙන් අපට සල්ලි දෙන්න කියලා.. මෙහෙම බොරු කරන්න එපා.“ යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ පැවසීය.

එහිදී මාධ්‍යෙව්දින් විමසූ ප්‍රශ්නවලට ද ඔහු පිළීතුරු ලබා දුන්නේය. ඒ අනුව සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබ මොකද හිතන්න යනුවෙන් ඇසූ ප්‍රශ්නයට රනිල් වික්රමසිංහ මහතා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

සංචාරක කර්මාන්තය පටන් ගන්න නම් මේ වසරේ අග හෝ ඊළඟ වසර වෙයි. එය රඳා පවතින්නේ අපිත් කොරෝනා පාලනය කරන ආකාරය මත. අපි දැන් විවෘත කරලා තියෙන්නේ පරීක්ෂා කිරීමකින් තොරව.  මෙය දූරදර්ශී ක්‍රියාවක් නෙමෙයි විශේෂයෙන්ම යුක්රේන සංචාරකයින් ගෙන ඒම ජෛව බුබුළු සංකල්පය සංචාරක ක්ෂේත්‍රයට ගැලපෙන්නෙ නැහැ. ජෛව බුබුළු ක්‍රමයට ඔවුන් හෝටලයක තියෙනවා නම් ඇයි ඔවුන් මෙහි එන්නේ. මෙතන බරපතළ කාරණය ඔවුන්ව දළදා මාළිගයටත් රැගෙන ගිහින් අපි එහෙ යන්නෙත් නැහැ මේ දිනවල විශාල පිරිසක් අතරට යන්න ඕනේ නැති නිසා.

එමෙන්ම මේ වෙලාවේ ඔබතුමාලගේ රජයක් තිබුණනම් සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට මොනවද කරන්නේ යැයි ඇසූ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ මහතා මොහොතක් කල්පනා කර මදක් සිනා සී ලබාදුන්නේ මෙවැනි  පිළිතුරකි..

“එක වාසියක් තියෙනවා දැන් රජයෙත් නෑ පාර්ලිමේන්තුවෙත් නෑ එතකොට මොකුත් කරන්න ඕනේ නෑ..“

Related posts

Leave a Comment