රන්ජන්ගේ ප්‍රජා අයිතිය වසර 11කට අහිමි වෙයි
Spread the love
රන්ජන් රාමනායකට වසර එකොළහක් යන තුරු ප්‍රජා අයිතිය අහිමි වන බැවින් එම කාලය තුළ ඔහුට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වන්නේ සිර දඬුවම් දී ඇති වසර හතරද ඇතුළුව ඉදිරි වසර හතක්ද සමඟ බවය.
රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ඔහුට දඬුවම් නියම වූ දිනයේ සිට මාස හයකට පසු වන අතර ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අයිතියක් නොමැති බවත් හෙතෙම පවසයි.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් බැවින් ඔහුට අභියාචනා කිරීමටද නොහැකි බවත් පැවසීය
+1
+1
+1
+1
+1
+1
+1