Noize News 

බලංගොඩ හා ඇඹිලිපිටිය නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල බලතල උප සභාපතිවරුන්ට පවරමින් සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ.
ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන යන අය අදාළ ධුරවලින් ඉවත් කරඇති අතර එහි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා උප සභාපතිවරුන් පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ සභාපතිවරුන් දෙදෙනා නගර සභා අඥාපනත යටතේ දැක්වෙන වරද සිදුකර ඇත්ද යන්න පිළිබද විමර්ශන සිදුකිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු ද පත්කර ඇති අතර මාස තුනක කාලයක් තුළ එම විමර්ශනයේ වාර්තාව තමා වෙත ලබාදිය යුතු බවද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

Leave a Comment