ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් ජන බලවේගයක් හදනවා -රුවන් විජයවර්ධන කියයි

ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් ජන බලවේගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සහ ඊට නායකත්වය දීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පුළුල් වේගවත් යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය බිම් මට්ටමේ සංවිධාන කටයුතු මේ වන විට ක්‍රමයෙන් සක්‍රීය කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැත්වුණු අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *