“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අදින් ඇරඹෙයි – ලැබෙන පහසුකම් මෙන්න

කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා  “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය.
ඒ අනුව  අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පවසයි.
අධික රථවාහන තදබදයක් සමග ගමන් කරන කාර්යාල පිරිස් ඉවත් කරගෙන මෙම බස්රථවලට ලබා ගැනීම මින් සිදුවේ. එසේම කාර්යක්ෂමව ඔවුන්ගේ සේවා ස්ථානවලට ඔවුන්ව රැගෙන යෑම සෑම මිනිත්තු 10කට වරක්ම මේ බස් රථයක් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනු ලැබේ.
සාමාන්‍ය ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් මෙම “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව සඳහා අය කරනු ඇත.
නොමිලේ ලබා දෙන වයිෆයි සහ තවත් පහසුකම් රැසකින් මෙම බස් රථ සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *