රටම එකවර හුදෙකලා කරන්න – කෙරෝනා සමාජගතවී අවසන්
කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බැවින් රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
අද වන විට රටේ සෑම ප්රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවත් මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.