Noize News 

අහිංසක ගවයන්ගේ ඔළු කපලා පාර අයිනේ තියලා ගිහිල්ලා – පිටවල පතන විලාපය

පිටවලපතන ප්‍රෙද්ශයේ ගවයන් ඝාතනය කරමින් දීර්ඝ කාලයක් තිස්සේ කර ගෙන යන අහස පොළව නුහුලන අපරාධයක් ගැන අද මුහුණු පොතේ සටහන් වී තිබුණා.
මී හරකුන්ගේ හිස කදෙන් වෙන් කර කද කොටස මස් වලට රැගෙන යන බවත් හිස ගව අයිතිකරුට හඳුනා ගැනීමට තබා යන බවත් එහි සටහන් වී තිබුණා.
එම ෆේස්බුක් සටහන පහතින්…
“අද රිවර්ස්ටන් පාරේ යනකොට දැක්කෙ මී හරකුන්ගෙ ඔලු කපල පාර අයිනෙ තියල තියනවා. ඒ හරක්ගෙ අයිති කෙනාව හම්බුනා බලද්දි, කුඹුරුවල වැඩ වලට ඇති කරන මී හරක් ඒ. කාලෙක ඉදන්, රෑට පිරිසක් ඇවිත් උන්ව මරල ඔලු පාර අයිනෙ තියල මස් අරන් යනවලු. බඩේ පැටව් ඉන්න අයවත් මරල, ඔලුව ලගින් මැරිච්ච පැටවුන්ව තියල යනවලු. තවමත් කාගෙන්වත් විසදුමක් නෑ. අයිති කෙනා ඉල්ලීමක් කරා එයාගේ කතාව වීඩියෝ කරල දාන්න කියල.
ඔලු තියල යන එක ගැන ගමේ අය මෙහෙම කතාවකුත් කිව්ව.. අයිති කෙනා තමන්ගෙ හරකව හොය හොය හැමතැනම යන නිසා, ඒ සතාව මාරුව කියල දැනුවත් කරන්ඩ එහෙම ඔලුව තියල යනව කියල. “
මෙලෙස මරා දමා තිබූ මී ගවයන්ගේ අයිතිකරු විසින්  මේ  සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.
“මේ කපල තියෙන්නෙ මගේ හරක් දෙන්නව.. ලෝක උරුමයක් වන නකල්ස්වල වෙන හොර ජාවාරමක් මේක.. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක කරනවා ඇහැක් ඇරලා බලන්න කව්රුත් නැහැ.. ඌ වැඩ කරලා දීලා සති දෙකක්වත් නෑ  ඇඟේ මහන්සිය වත් ගියේ නැති එවුන්.. එහෙම වැඩ කරපු හරක් ව තමයි ව කපන්නේ..“
මේ විදිහට මරලා දාලා තියෙන්නේ මේ අහිංසක ගොවීන්ගේ ගොවිතැන් කටුයුතුවලට මහත් ශක්තියක් වුණු අහංසක මීගවයන්. නිදහසේ ජීවත්වීමේ අයිතිය මිනිසුන්ට වගේම සත්තුන්ටත් තිබිය යුතුයි. කෙසේ නමුත් ඔහු අවසාන වශයෙන් ඉල්ලා සිටිනේ මේ සම්බන්ධයෙන් බලදාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

Related posts

Leave a Comment