Noize News 

මාස 10 ක් ලංකාවේ හිටියා මැච් එක බලන්න – ඒත් පොලිසිය මාව පන්නලා දැම්මා -එංගලන්ත ක්‍රිකට්ලෝලියා කියයි

ගාල්ලේ කොටු පවුර මත සිටිමින් ශ්‍රී ලංකා එන්ගලන්ත ක්‍රිකට් තරගය නරඹමින් සිටි එංගලන්ත ජාතිකයෙකු වන රොබට් ලූවිස් මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියෙන් කළ විමසීමකදී ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති සිල්වා පැවසූයේ තරගය නැරඹීම සඳහා ගාලු කොටු පවුර මත ජනතාව රැස් වන බැවින් තරඟය නැරඹීමට එහි යන සියලු දෙනාම ඉන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

ක්‍රීඩාංගනයට තුළට කිසිවෙකුටත් ඇතුළ වීමට ඉඩ ලබා නොදෙන නිසා තමා විසින් ගාලු කොටුව මතට වී සිටි බවත් එතැන සිට ක්‍රීඩාංගණය දෙස බලා සිටි බවත් රොබ් විසින් පවසා තිබුණී.

මේ හේතුවෙන් තමන් සෑහෙන්න කලකිරීමකින් සිටින බවත්, තමන් මෙම අවස්ථාව නැරඹීම සඳහා මාස 10කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවත් නමුත් පොලීසිය විසින් තමාව පන්නා දැමූ බවත් රොබ් ලුවිස් පවසා තිබුණී.

ඔහු විසින් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එල්ලා තිබූ බැනර් කිහිපයද ගලවා දැමූ බවත් තමන්ට දැඩි ලෙස අවවාද කළ බවත් රොබ් පවසා විසින් පවසා තිබේ.

තමන්ට එම බැනර් එල්ලීම සඳහා පැයකට අධික කාලයක් ගිය බවද රොබ් පවසා සිටියේය.

“මම පොලිස් ප්‍රධානියා හමුවෙන්න යනවා – මට ඕන එකම දේ මැච් එක බලන්නයි” යැයිද ඔහු විසින් ප්‍රංශ පුවත් ඒජන්සිය වෙත පවසා තිබේ.

“තවත් දින 09ක් තියෙනවා – ඒ ඉතිරි දවසකවත් මට තරගය බලන්න යන්න ලැබෙයි කියලා මම හිතනවා” යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

එංගලන්තයේ සුප්‍රකට ක්‍රිකට් ලෝලීන් පිරිසක් වන බාමි ආම් සමාජයේ සාමාජිකයෙකු වන රොබට් ලූවිස් මහතා ලංකා එංගලන්ත එංගලන්ත ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා මාස ගණනාවක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි අයෙකි. ඔහු පසුගිය මාර්තු මාසයේ දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයෙන් යානයම ශ්‍රී ලංකාවට පැමිණියේය එහෙත කොරෝනා වෛරසය ලෝකෙ පුරා ව්යාප්ත වීමත් සමඟ පුහුණු තරගය අතරමග නතර කර දමා එංගලන්ත කණ්ඩායම ආපසු එංගලන්තයට ගියේය.

තමන්ගේ කණ්ඩායම ආපසු සිය රට බලා ගිය ද එදා සිටම ශ්‍රී ලංකාවේ නතර වී සිටි රොබට් ලූවිස් මහතා ශ්‍රී ලංකාවේ පැවති ඇඳිරි නීතිය සහ අගුළුලෑම්  සියල්ලට මුහුණ දුන්නේය. වෘත්තීමය වශයෙන් අන්තර්ජාල සැලසුම් ශිල්පියෙකු ලෙසින් කටයුතු කරන  ඔහු සිය රටෙන්  සැතපුම් 5400ක් ඈත සිට සේවය කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරුය.

එංගලන්ත කණ්ඩායම  නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර තරගය ආරම්භ වීමට දින කිහිපයකට පෙරම පෙරම ගාලු කොටු පවුර වෙත ගිය  ලූවිස් මහතා තමන් තරංගය නරඹන්නෙ කොතන සිටද යන්න කල් තබාම සනිටුහන් කර ගෙන සිටියේය.

වසර  1883 ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදිකරන ලද ගාලු කොටුපවුරේ සුප්‍රක‍ට ඔරලෝසු කණුව පාමුල ස්ථානයකි. එහෙත් තරඟය ආරම්භ  වූ ඊයේ (14) උදෑසන පොලිසියේ නියෝග මත ඔහුට ගාලු කොටු පවුර මතින් බැසීමට සිදුවිය. ලූවිස් මහතා ගාලු කොටු පවුර මතින් බිමට බැසීමට සිදු වුවද එංගලන්තයේ සිට පැමිණි ක්‍රිකට් විස්තර විචාරකයකු ගාලු කොටු පවුර මත සිට තරගය විස්තර  විචාරය යෙදුණි. තරග විස්තර විචාරය යෙදීම සම්බන්ධයෙන් ගාලූ දිසාව භාර නියෝජ්ය පොලිස්පති නුවන් වෙදසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලැබුණු හෙයින් ඔවුන්ට ගාලු කොටු පවුර මත සිට විස්තර විචාරය යෙදීමට අවසර දී ඇති බවයි.

Related posts

Leave a Comment